LA AGRO
-අපි-
LA AGRO - අපි ගැන
ආයතනයේ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගන්නා අතරම වඩා හොඳ සේවාවන් සමූහයක් පාරිභෝගිකයා වෙත ලබාදෙමින් දේශීය කෘෂිකර්මාන්තයට යම් අත්වැලක් සැපයීමට කටයුතු කරන ආයතනයකි.
ආරම්භක පියවර ලෙස අපගේ අවධානය යොමු වන්නේ දැඩි කරන ලද උසස් ගුණාත්මයෙන් යුතු පටක රෝපිත (tissue culture) කෙසෙල් පැල ප්‍රභේද කිහිපයක් සැපයීමයි. ලංකාවේ විශාලතම පටක රෝපන විද්‍යාගාරයක් තුල අප ආයතනය වෙනුවෙන්ම නිෂ්පාදනය වන පැලෑටි, කිසිදු රෝග කාරකයක් ව්‍යප්ත නොවන ලෙස නිපදවූ ලෝකයේ ප්‍රමුඛතම වගා මාධ්‍ය නිෂ්පාදකයකු නිපදවූ පෙලට් වගා මාධ්‍ය බඳුන් තුල දැඩි කර වෙළඳපොලේ අවම මිළ ගනන් යටතේ ඔබ වෙත ලබාදීමට අප කටයුතු කරමු. ඒ සමඟම අමතර වාසි ලෙස කාර්‍ය්ක්ෂම හා ලාබදායී ප්‍රවාහන හැකියාව, එක් පැලයක පටන් ඕනෑම පැල ගනනක් කුරියර් සේවාව මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව, නිරන්තර උපදේශන හා අලෙවියෙන් පසු සේවාවන් පාරිභෝගිකයන් හට ලැබෙනු ඇත.
වර්ෂයේ වගා අවශ්‍යතාවයට අනුව හා පාරිභෝගික අවශ්‍යතාවයට අනුව තෝරාගත් ප්‍රභේදයන්ගෙන් ඕනෑම පැල ප්‍රමානයක් සැපයිය හැකි ක්‍රමවත් නිෂ්පාදන සැලැසුමක් සහිතව මව් ශාක සැපයීම (mother plants), විද්‍යාගාර නිෂ්පාදනය (multiplication) හා පැලෑටි දැඩි කිරීම (hardening) යන මූලික අවස්ථා සියල්ලම අපගේ සෘජු අධීක්ෂනය යටතේ පවතී. අවසාන නිෂ්පාදනවල ප්‍රශස්ථ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා අපගේ කණ්ඩායම මෙම පියවර තුන සමීපව නිරීක්ෂණය කරයි. මෙම විශේෂාංග ලා ඇග්‍රෝ වෙත සුවිශේෂී වන අතර එම නිසා අපගේ අවසාන නිෂ්පාදන කෙරෙහි අපට දැඩි විශ්වාසයක් ඇත.
.