top of page
31223958_588977388130447_683744332368314

නිෂ්පාදන තාක්ෂණය

IMG20200214084754.jpg

La Agro පඨක රෝපන කෙසෙල් පැලයක් ඔබ අතට පත් වෙන්නෙ කෙසේද ?

( Q 01 )


පඨක රෝපන කෙසෙල් පැල නිෂ්පාදන ක්‍රියාවලිය මූලික වශයෙන් කොටස් තුනකට බෙදිය හැක. මව් ශාක සකසා ගැනීම, රසායනාගාර ක්‍රියාවලිය සහ පැල තවාන තුල පැලය දැඩි කිරීම වෙයි. මෙම ක්‍රියාවලි තුනෙන් පසු පඨක රෝපන කෙසෙල් පැලයක් ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසුය.

1) මව් ශාක සකසා ගැනීම. - අප ආයතනයට අවශ්‍ය මව් ශාක අප විසින්ම නිපදවා ගනු ලබයි. මෙහිදී දැඩි තත්ව පාලනයක් යටතේ සිදුකරන ලබන අතර ඉතාම උසස් තත්ත්වයේ නිරෝගී මව් ශාක පමනක් භාවිතා කරනු ලැබේ.

2) රසායනාගාර ක්‍රියාවලිය. - La Agro වන අප ආයතනයට රසායනාගාරයක් හිමි නොවූවත්
ලංකාවේ පවතින උසස්ම තත්ත්වයේ රසායනාගාර දෙකක් සමග අප ආයතනය කටයුතු කරයි. මෙහිදී අප හට අවශ්‍ය පැල අපගේ ඍජු අධීක්ෂණය යටතේ වගකීමක් සහිතව නිෂ්පාදනය කරයි.

3) තවාන තුල පැලය දැඩි කිරීම අතුරුගිරියෙහි පිහිටි අපගේ පැල තවාන තුල රසායනාගාරය තුලින් පිටතට ගන්නා පැල හොදින් දැඩි කරනු ලබයි. මෙහිදී  දැඩි තත්ත්ව පාලනයකට භාජනය කරනු ලබන්නේ උසස්ම තත්වයේ පැලයක් ඔබ අතට පත්කරනු ලබන අරමුණ ඇතිවයි.

පඨක රෝපන කෙසෙල් පැලයක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් මෙම කරුණු තුන විමසා බැලිය යුතුය. එය ඔබේ අයිතියකි.

La Agro වන අප ආයතනය නිරතුරුවම බැදී සිටින්නේ ඉතාම උසස් තත්ත්වයේ පැලයක් අඩුම මුදලට වගකීමක් සහිතව අප ගොවි ජනතාව අතට පත් කිරීමටයි.මේ සදහා ඔබගෙන් ලැබෙන සහයෝගය සහ යෝජනා අප හට ඉතා වැදගත් බව දන්වා සිටිමු.

La Agro.
0764893870
0701203870

 

කෙසෙල් පඨක රෝපනය යනු කුමක්ද? 

(Q 02 ) 


පඨක රෝපන ක්‍රියාවලිය කෙටියෙන් හදුනා ගනිමු.

 

 මෙහිදී කරනු ලබනුයේ ඉතාමත් නිරෝගී සහ උසස්  තත්ත්වයේ කෙසෙල් අල (මව් ශාක ) භාවිතා කර එක ශාකයකින් පැල 200ක් 300ක් වැනි ප්‍රමාණයක් රසායනාගාරයක් තුල නිෂ්පාදනය කිරීමයි. 

මෙම ක්‍රියාවලියට අවම වශයෙන් මාස 08 ත් 10ත් අතර කාලයක් ගතවේ. මෙම ක්‍රියාවලියේදී කෙසෙල් පැලයට කිසිදු ජානමය වෙනසක් සිදු නොවන අතර සාමාන්‍ය එහෙත් උසස්  තත්ත්වයේ කෙසෙල් පැලයක් නිෂ්පාදනය කරයි. 

 හුදෙක්ම මෙය පැල නිෂ්පාදනය කිරීමේ උසස් ක්‍රමයක් මිස පැලයේ ලක්ෂණ වෙනස් කිරීමේ ක්‍රමයක් හෝ දෙමුහුන් ( hybrid ) පැල නිෂ්පාදනයක් සිදු නොවෙයි.  කෙටියෙන් මෙය සාමාන්‍ය ඉතා කුඩා ප්‍රමාණයේ කෙසෙල් පැලයකි.

 ​ වානීජමය ලෙස පැල නිෂ්පාදනයේදී මෙම ක්‍රමය ඉතාමත් සාර්ථක සහ ලාභදායි ක්‍රමයක් වෙයි.  

ලෝකයෙ දියුණු රටවල පැල නිෂ්පාදනයේදී මෙම ක්‍රමය පමණක් භාවිතා කරන අතර  ලංකාවේ මේ දිනවල ප්‍රචලිත වෙමින් පවතියි. ​ 

La Agro වන අප විසින් වෙහෙස දරන්නේ නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ඉතා උසස් තත්ත්වයේ නිරෝගි කෙසෙල් පැලයක් අඩුම මිලට ගොවි ජනතාව අතට පත්කිරීමටයි. 

 La Agro.

IMG20200214084754.jpg
bottom of page